Stock Clearance Sale: Get 2 Mathaprana Bottles for just 4000/=!
Stock Clearance Sale: Get 2 Mathaprana Bottles for just 4000/=!
මාතප්‍රාණ වලට වට්ටමක් !
=====================
ඔබ දන්නවානේ මාත ප්‍රාණ නිෂ්පාදනය කරන්න පුළුවන් වසරකට එක වතාවයි කියලා. ඒ තමයි දෙළුම් අස්වනු නෙළන වාරයේදී. දෙලුම් අස්වනු නෙලන වාරය කියලා කියන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය.
මොකද ඒ කාලයේදී තමයි දෙළුම් අතිරික්ත අස්වැන්නක් හැදෙන්නේ.මාත ප්‍රාණ යනු අතිරික්ත අස්වැන්න නරක් වෙන්න නොදී දෙළුම් හිඟ කාලය වෙනුවෙන් පරිරක්ෂණය කිරීමට හදපු නිෂ්පාදනයක්.
ඉතිං අපි ගිය වසරේ දෙළුම් වාරය තුළදී මාතප්‍රාණ මිල ලීටර් 200 බෝතල් 3000ක් තමයි නිෂ්පාදනය කරේ. ඔබ හොඳාකාරම දන්නා පරිදි එක මාතප්‍රාණ බෝතලයක් නිෂ්පාදනය කිරීම සඳහා දෙලුම් ගෙඩි කිලෝ එකක් අවශ්‍යයි. ඉතින් මිලි ලීටර් 200 මාත ප්‍රාණ බෝතල් 3000 නිෂ්පාදනය කිරීම සඳහා අප හට දෙළුම් කිලෝ තුන්දාහක් වැය වුණා. මේ මාතප්‍රාණ බෝතලයක සිල්ලර වටිනාකම ලෙස අපි මුලින්ම සටහන් කරේ රුපියල් 2500/=ක්. නමුත් මේ වසරේ මාර්තු මාසයේදී පමණ අප විසින් මේ මිල රුපියල් 200කින් අඩු කරා. දැනට මාත ප්‍රාණ බෝතලයක වටිනාකම වෙන්නේ රුපියල් 2300/= ක්.
කෙසේ නමුත් මා ඔබට මීට කලින් පවසා ඇති පරිදි කාලය ගතවෙත්ම මාතප්‍රාණ මිල අඩුකිරීමේ හැකියාවක් අපට තියෙනවා. වගාවල් ව්‍යාප්තවීම සහ අස්වනු වැඩිවීම, නිෂ්පාදන ධාරිතාවය වැඩි වීම වැනි කාරණා මේ අරමුණට උපකාරී වෙනවා.
එසේම මාත ප්‍රාණ නිෂ්පාදනය යාන්ත්‍රීකරණය කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩුකරගැනීම මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බලපාන විශේෂ හේතුවක් වෙනවා. ගිය වසරේ මෙන් නොව මේ වසරේදී මාතප්‍රාණ නිෂ්පාදනය සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දෙලුම් ඇට ගලවන යන්ත්‍රයක් අපි මේ වන විට මිලදීගෙන තියෙනවා. ඒ හරහා නිෂ්පාදන පිරිවැයේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙනවා. එසේම ඉදිරියේදී දෙළුම් ඇට මිරිකා යුෂ ඉවත් කර ගැනීමේ යන්ත්‍රයක්ද අප වෙනුවෙන්ම නිෂ්පාදනය කර ගැනීමට නියමිතයි. ඒ යන්ත්‍රයේ ඇති විශේෂත්වය නම් මේ වනතුරු අප හට දෙළුම් කිලෝ එකක් මිරිකා සංශුද්ධ දෙළුම් යුශ ගත හැකිවූයේ මිලි ලීටර් දෙසීයක් පමණක් වුවත් ,එම යන්ත්‍රය නිෂ්පාදනය කර ගැනීමෙන් පසුව මේ අගය සියයට හතළිහකින් පමණ ඉහළ යනු ඇතැයි අප අනුමාන කරනවා. අදාළ යන්ත්‍රය නිෂ්පාදනය කර ගැනීම සඳහා මේ වන විටත් වැඩ කටයුතු ක්‍රියාත්මකයි.
තව එකහමාරකින් පමණ දෙළුම් අස්වනු නෙළීමේ වාරය ඇරඹෙනවා. එම නිසා දැන් අප විසින් 2025 වසරට අවශ්‍ය මාතප්‍රාණ බෝතල් නිෂ්පාදනය කිරීමට සූදානම් විය යුතුයි.
ඉහත සඳහන් කළ ධනාත්මක කරුණු හේතුවෙන් ලබන වසර සඳහා නිෂ්පාදනය කරන මාත ප්‍රාණ මිලේ සැලකිය යුතු අඩුවීමක් සිද්ධ වෙනවා. අප බලාපොරොත්තු වන්නේ මිලි ලීටර් 200 මාත ප්‍රාණ බෝතලයක් රුපියල් 2000/= ක සිල්ලර මිලකින් මිලදී ගැනීමට කටයුතු සැලැස්වීමයි. එනම් දැනට පවතින සිල්ලර මිලට වඩා රුපියල් 300ක් අඩු මිලකට ❤.
මේ වන විට පසුගිය වසරේ නිෂ්පාදනය කළ මාත පාන තොගවලින් බෝතල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉතුරුව තිබෙනවා. ඒවා කල් ඉකුත් වීමට තවත් මාස 2-4ත් අතර කාලයක් ඉතුරුව තිබෙනවා.
ලබන මාසයේදී අලුත් මාතප්‍රාණ තොග නිෂ්පාදනය කෙරෙන නිසා දැනට නිෂ්පාදනය කර පවතින බෝතල් "තොග අවසන් කිරීමේ වට්ටමක්" සහිතව ලබාදීමට අපි තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් දැනට පවතින්නේ ගිය වසරේ නිෂ්පාදනය කර ඇති මාත පාන බෝතල් බැවින් සුළු කොන්දේසියකට යටත්ව මෙම වට්ටම ලබාදීමට අපි ක්‍රියා කරනවා.
මාත ප්‍රාණ මිලි ලීටර් දෙසීය බෝතල් දෙකක් ඇණවුම් කළ විට එක බෝතලයක් රු. 2000 කට හෙට සිට ඔබට ලබා ගැනීමට පුළුවන්. ( බෝතල් 2ටම රු.4000/=ක්)
මෙම වට්ටම ලබා ගත හැක්කේ online ඇණවුම් කරන ඇණවුම්, වෙබ් අඩවිය හරහා කරන ඇනවුම් සහ Delum Bar වෙතින් ලබා ගන්නා මාත ප්‍රාණ බෝතල් වලට පමණයි.
අනෙකුත් වෙළඳ සැල් වලින් ලබාගන්නා මාත ප්‍රාණ බෝතල් සඳහා මෙම වට්ටම නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.
බොහොම ස්තූතියි.
ප්‍රධාන විධායක නිලධාරී
Mathakadara Pomegranates මාතකඩාර දෙළුම්